සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය යනු ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ යහපත උදෙසා වකුගඩු රෝගීන් සහ වෛද්‍යවරුන් එක්ව ලක් මවට දායාද කල සුපින්වත් සංවිධානයයි. මෙම සංගමයේ අතීතය 1980 දශකයේ මැද බාගය දක්වා විහිදේ.1987 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීම මහාචාර්‍ය රිස්වි ෂෙරිෆ් ,මහාචාර්‍ය ඒ.එච්.ෆෙරිෆ්ඩින් සහ මහාචාර්‍ය ජෙරී ජයසේකර යන මහත්වරු ත්‍රිත්වය විසින් බොහෝ වෙහෙසක් ගෙන අභියෝග මධ්‍යයේ සිදු කරන ලද අතර ඊට සමගාමීව මතුවූ ,වකුගඩු රෝගීන්ගේ සමාජ, ආර්ථික අවශ්‍යතා සපුරාලීමට මහාචාර්‍ය රිස්වි ශෙරිෆ් සහ විජය රන්සි යුගලය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු සංගමය 1985 දී ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙස බිහිවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කර පසුව අක්‍රීයව පැවති එම සංගමය 2011 ජුනි 5 වන දින නැවත උපත ලැබුයේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙසය. මෙම සංගමය නැවත ස්ථපිත කිරිමේ දී විශේෂඥ වෛද්‍යය සංජය හෙයියන්තුඩුව මහතාගේ පුරෝගාමීත්වයෙන් සහ මහාචාර්යය රිස්වි ශෙරිෆ්, මහාචාර්යය මන්දික විජේරත්න, විශේඥ වෛද්‍ය රිස්නි කාසිම්, වෛද්‍ය අර්ජුන් මාරසිංහ, විජය රන්සි මයා, චිත්‍ර ශිල්පි ආර්.ඒ.නිමල් මයා,හෙමන්ත රොෂාන් මයා, අතුල චන්දන බණ්ඩාර මයා සහ චමිලා ක්‍රිශාන්ති මහත්මිය, එස්. එම්. එන්. තුෂාන්ත, ජනක බොතේජු, කේ. ආර්. කරුණාතිලක වෙතින් තිරණාත්මක සහයක් ලැබුණි. මෙම සංගමය ශ්‍රි ලංකා රජයේ සහ අරක්ෂක අමත්‍යංශයේ ලියපදිංචි කර ඇත්තේ L 145205 සහ MOD/NGO/1928 යන අංක වලින්ය. මෙම සංගමයේ නිලධාරින් සහ සහිකයන් වන්නේද වකුගඩු රෝගීන්,වකුගඩු බද්ධ කල රෝගීන් සහ වකුගඩු ප්‍රධානය කළ අයවලුන්ය. ඔවුන් ස්වෙච්ඡාවෙන්ම කිසිදු මුදලක් හෝ වේතනයක් නොලබා තමා පැමිණි දුෂ්කර ගමනේදි මුහුණදුන් අභියෝග අනෙකුත් සහෝදර රෝගීන්හට අවම කර දීමේ උතුම් චේතනාවෙන් මෙම සංගමය වෙත ක්‍රියාශිලිව දායක වෙති.

අප සංගමය යනු

වකුගඩු රෝගීන්, වෛද්‍යය වරුන්, බුද්ධිමතුන්, කලා කරුවන් සහ ආගමික නායකයින් එක්ව සැදුම්ලත් සුපින්වත් සංවිධානයකි.

අප සංගමයෙන් කෙරෙන කාර්යන්

ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ දුවා දරුවන්ගේ සහ වකුගඩු දායකයින්ගේ වෛද්‍යය සහ සමාජ ආර්ථික තත්වයන් සමනය කරගැනීමට මග පෙන්වීම, දිරි දීම සහ උදවු කිරීම.

අප සංගමයේ අරමුණ

රට තුල වකුගඩු රෝග හා බැඳුනු සෞඛ්‍යය සමාජ ආර්ථික ප්‍රශ්ණ අවම කිරීම.

මෙම සත්කාරයේ කාලීන අවශ්‍යතාවය

ශ්‍රී ලාංකීක මිනිස් සමාජය තුල වකුගඩු රෝග වසංගත තත්වයෙන් පැතිර යන අවස්ථාවක සහ එමගින් රොගීන් පවුල් පිටින් මිය යමින් මුලු රටම මහත් ඛෙදවාචකයකට ඇද වැටී ඇති බැවින්, එයින් ලක් ජනතාව මුද්වා ගැනීම.

අනුශාසක මණ්ඩලය

සංගමයට උපදේශනය දෙමින් සහ මග පෙන්වමින් රෝගීන් සඳහා සුපින්වත් මෙහෙවරක් කිරීමට ඇප කැප වී සිටින අපගේ අනුශාසක මණ්ඩලය

පුජ්‍ය දොළොස්වල උදීතධීර හිමි

පූජ්‍යය පොතුවිල සරණතිස්ස හිමි

මහාචාර්ය රිෂ්වි ෂෙරිෆ්

මහාචාර්ය මන්දික විජේරත්න

වි.වෛද්‍ය සංජය හෙයියන්තුඩුව

කලාශූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ

ආචාර්‍ය් මාලනී ෆොන්සේකා

රවීන්ද්‍ර රන්දෙණිය

ශෙරීන් කුමාරතුංග

සංගීතා වීරරත්න

විජය රංසි මයා

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ආරම්භය සහ විකාශනය

කථනය - කලා සූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ

සංගමය මගින් දැනට සිදු කරමින් පවතින සේවාවන්හි ලයිස්තුව

සංගමයේ සුපින්වත් මෙහෙවර

වකුගඩු රෝගීන් සදහා ඩයලසිස් ප්‍රතිකර්මය සදහා නන් අයුරින් උපකාර කිරිම.
වකුගඩු බද්ධ කළ රෝගීන්ගේ මිල අධික පරීක්ෂණ සදහා මුදලින් උපකාර කිරිම සහ අවශ්‍ය මග පෙන්විම.
වකුගඩු රෝගීන්ගේ රැධිරයේ සයික්ලොස්පොරීන් සහ ටැක්‍රෝලිමස් ප්‍රමාණය මනිනු ලබන යන්ත්‍රයක් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලබගැනීමට ක්‍රියශිලිව මැදිහත් විම.
වකුගඩු බද්ධ කල තරුණ පිරිසට රැකියා ලබාදෙන ව්‍යපෘතියක් සකස් කිරිම.
වකුගඩු රෝගීන්ගේ සායන සහ ඩයලසිස් සදහා දුර පළත්වල සිට පැමිණිමට බස් ගාස්තු ලබාදීමට ක්‍රියාපටිපටයක් සැළසුම් කිරිම.
වකුගඩු රෝගිහට රැධිර කන්දු පෙරණයේදි අවශ්‍යය ඩයලිසිස් ෆිල්ටර්,ඩයලසිස් ,ඩයලසිස් ටියුබ්,අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්හට සපයාදීම.
වකුගඩු රෝගීන්හට අවශ්‍ය බෙහෙත් වර්ග වල සංචිතයක් පිහිටුවා ඒවා හිග අවස්ථාවලදී ඒවා රෝගින්ට ලබාදීමට කටයුතු කිරිම.
වකුගඩු රෝගීන් දැනුවත් කිරිම,නිසිමග පෙන්වීම සහ ධෛර්යමත් කිරිමට කටයුතු කිරිම.
ප්‍රථමවරට ශ්‍රී ලංකිය වකුගඩු රෝගීන්හට රක්ෂ්ණ ප්‍රතිලාභ ක්‍රමයක් හදුන්වාදීම.
වකුගඩු රෝගීන් සදහා විශේෂ හැදුනුමපතක් සකස් කර ඔවුන් හට සමජයේ යහපත් පිළිගැනිමක් ලබා දීම.
වකුගඩු රෝගීයෙකු මියගිය අවස්ථාවලදී අවමංගල්‍ය උත්සවය සදහා හැකි අයුරින් උපකර කිරිම.
වකුගඩු රෝගීන්හට විවිධකර උදව් ලබාදෙන පුද්ගලයන් සහ සංවිධාන ඇගයීමට ලක් කිරිම.
වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතා,ප්‍රශ්ණ සහ අභියෝග බලධරින් සමග සකච්ඡා කර ඒවාට විසදුම් ලබාදිමට උත්සුක විම.
සමස්ථ ශ්‍රි ලංකිය වකුගඩු රෝගී ජනතාවගේ අභියෝග සහ අවශ්‍යතා වෙනුවන් සෑම විටම ඉදිරිපත් විම.
සීඝ්‍රව වැඩිවන වකුගඩු රෝග ගැන ජනතාව දැනුවත් කිරිම.
20) ආයතනය හා එක්ව වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය,සමජිය,අර්ථික,ප්‍රශ්ණ විසදීම උදෙසා අරමුදලක් පිහිටු විම.
ශ්‍රී ලාංකීය කලාකරුවන් සහ අනෙකුත් දානපතියන් එක්ව වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය,සමාජ හා අර්ථික ප්‍රශ්ණ විසදීම සදහා අරමුදලක් පිහිටුවීම.
ප්‍රථම වරට වකුගඩු රෝගී දායකයින් අතර ක්‍රිකට් තරග මාලාවක් සංවිධානය කිරිම.
වකුගඩු රෝගීන්ගේ දුදරුවන් හට ශීෂ්‍යධාර ක්‍රමයක් සැකසීම.
වකුගඩු රෝගීන්ගේ දුදරුවන්ට පාසල්පොත් හා උපකරණ ලබා දීම.
ප්‍රථම වරට වකුගඩු දායකයින්ව ඇගයීමට ලක්කීරීම.
වකුගඩු රෝගීන්හට විවිධ කටයුතු සදහා අධාර ලබාදීමට ස්ටීකර් ව්‍යපෘති 2ක් රටේ විවිධ ස්ථාන වලට ගොස් ක්‍රියත්මක කිරිම.
වකුගඩු රෝගින් හට ප්‍රයෝජනයට ගතහැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරිම.
රෝගීන් අතර වකුගඩු රෝගයක් පිළිබද පොත් 10යක් මුද්‍රණය කර බෙදාහැරීම.
වකුගඩු රෝගින් සදහා ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීම.
වකුගඩු රෝගින්ගේ රෝග සුවය පතා ඔවුන් අධ්‍යත්මික නැඹුරුවකට යොමු කිරිම.

සංගමය ගැන අදහස්

  • සන්ධ්‍යා කුමුදුනී පෙරේරා(මාගේ පියා)

    වකුගඩු රෝගී(මාගේ පියා)

    අප හට මුහුණපෑමට සිදුවූ ආර්ථික අපහසුතා අවස්ථාවන්හිදී ඔබ සංගමයෙන් ලබා දුන් එන්නත් ඩයලයිසීස් කිරීම් හා නොමිලේ සැපයූ වෛද්‍ය සේවාවන් අසරණ තත්වයට පත්ව සිටි අප හට නව ජීවයක් ලබා දුන්නා වැනිය. එම තත්වය අපගේ රෝගියා යහපත් තත්වයේ පවත්වා ගැනීමට පිටුවහලක් විය.

  • H.C.සිතාරා මධුවන්ති

    වකුගඩු රෝගී

    දැනට අවුරුදු දෙකක කාලයක සිට මා දරුණු වකුගඩු රෝගයෙන් පීඩා විඳිමි. මාගේ ජීවිතය රැක ගැනීමට එකම ප්‍රතිකාරය වන ඩයලයිසීස් ප්‍රතිකාරය මා හට ලබා දුන් සංගීතා වීරරත්න මැතිනියට හා ශෙරීන් කුමාරතුංග මැතිනියන් දෙපලට සහ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට මාගේ සහ පවුලේ සියලු දෙනාගේම හර්ද්‍යාංගම ස්තූතිය පුද කර සිටිමි.

  • පුබුදු ඉන්දික පෙරේරා

    වකුගඩු දායක

    මා වකුගඩුවක් දන් දීමෙන් ඉමහත් ආත්ම තෘප්තියක් ලබන්නේ එය නොමිලේ ලබා දීම නිසාවෙන් සහ රෝගියා හට ජීවිත අභය දානය ලබා දීමට හැකි වීම නිසාවෙනි. තවද මා ඉතා නීරෝගීව පසු වන අතර සමස්ත ලංකා වකුගඩු රෝගී සංගමය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවෙ ප්‍රථම වකුගඩු දායක බද්ධ කල අය අතර පැවැත්වුනු ක්‍රිකට් තරඟයට සහභාගී වී තරඟයේ වීරයා සම්මානයද ලදමි.

  • තුසිත ගජනායක

    නොවාටිස් ආයතනය

    අප ආයතනය මගීන් වකුගඩු රොගීන්ගේ දුවා දරුවන් හට වකුගඩු සංගමය හරහා ලබා දෙන ශිෂ්‍යත්ව ක්‍රමය ගැන අතිශයින් තෘප්තිමත් වෙමි.

  • ජනක බොතේජු

    සංගමයේ සභාපති

    වකුගඩු රෝගීන්ගේ ජීවිත සුරැකීමට අවශ්‍ය ඩයලිසිස් ප්‍රතිකර්මය ලබාදීමට අවශ්‍ය වෛද්‍යය උපකරණ දිගින් දිගටම ලබා දෙන මෙඩිකල් ඒඩ් ටු ශ්‍රී ලංකා ආයතනයට අපගේ ගෞරවණීය ස්තූතිය.

  • විශේෂඥ වෛද්‍යය සංජය හෙයියන්තුඩුව

    අනුශාසක

    ශ්‍රී ලාංකීය වකුගඩු රොගීන්ට සහ වකුගඩු සංගමයේ උන්නතියට නිරතුරුවම ඇප කැප වන සියලුම සංවිධාන සහ පුද්ගලයින් හට ගෞරවනීය ස්තූතිය පුද කරමු.

වකුගඩු රෝගීන්ට ජීවතය දෙන්න ඔබත් දායක වන්න

නවතම තොරතුරු

ලෝක වකුගඩු දිනය

මාර්තු 09 2017

ලෝක වකුගඩු දිනය සමරා සමස්ත ලංකා වකුගඩු රොගී සංගමය මගින් සිදු කරන වැඩසටහන් මාලාව

වකුගඩු රෝගී සමාජ සත්කාර උළෙල

දෙසැම්බර් 03 2016

දූ දරුවන්ට පොත් සහ ශිෂ්‍යත්ව ලබා දීම වකුගඩු රෝගීන්ට බැංකු ක්‍රමයක් ඉදිරිපත් කිරීම ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

කංචුක පූජාව - කැළණිය රජ මහා විහාරය -

ඔක්තෝම්බර් 08 2016

වකුගඩු රෝගීන්ට ආශිවාර්ද පතා සිදු කරන පූජා පිංකම - මෙහෙයවීම - සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය