සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය යනු ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ යහපත උදෙසා වකුගඩු රෝගීන් සහ වෛද්‍යවරුන් එක්ව ලක් මවට දායාද කල සුපින්වත් සංවිධානයයි. මෙම සංගමයේ අතීතය 1980 දශකයේ මැද බාගය දක්වා විහිදේ.1987 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීම මහාචාර්ය රිස්වි ෂෙරිෆ් ,මහාචාර්ය ඒ.එච්.ෆෙරිෆ්ඩින් සහ මහාචාර්ය ජෙරී ජයසේකර යන මහත්වරු ත්‍රිත්වය විසින් බොහෝ වෙහෙසක් ගෙන අභියෝග මධ්‍යයේ සිදු කරන ලද අතර ඊට සමගාමීව මතුවූ ,වකුගඩු රෝගීන්ගේ සමාජ, ආර්ථික අවශ්‍යතා සපුරාලීමට මහාචාර්ය රිස්වි ශෙරිෆ් සහ විජය රන්සි යුගලය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු සංගමය 1985 දී ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙස බිහිවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කර පසුව අක්‍රීයව පැවති එම සංගමය 2011 ජුනි 5 වන දින නැවත උපත ලැබුයේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙසය. මෙම සංගමය නැවත ස්ථපිත කිරිමේ දී විශේෂඥ වෛද්‍යය සංජය හෙයියන්තුඩුව මහතාගේ පුරෝගාමීත්වයෙන් සහ මහාචාර්යය රිස්වි ශෙරිෆ්, මහාචාර්යය මන්දික විජේරත්න, විශේඥ වෛද්‍ය රිස්නි කාසිම්, වෛද්‍ය අර්ජුන් මාරසිංහ, විජය රන්සි මයා, චිත්‍ර ශිල්පි ආර්.ඒ.නිමල් මයා,හෙමන්ත රොෂාන් මයා, අතුල චන්දන බණ්ඩාර මයා සහ චමිලා ක්‍රිශාන්ති මහත්මිය, එස්. එම්. එන්. තුෂාන්ත, ජනක බොතේජු, කේ. ආර්. කරුණාතිලක වෙතින් තිරණාත්මක සහයක් ලැබුණි. මෙම සංගමය ශ්‍රි ලංකා රජයේ සහ අරක්ෂක අමත්‍යංශයේ ලියපදිංචි කර ඇත්තේ L 145205 සහ MOD/NGO/1928 යන අංක වලින්ය. මෙම සංගමයේ නිලධාරින් සහ සහිකයන් වන්නේද වකුගඩු රෝගීන්,වකුගඩු බද්ධ කල රෝගීන් සහ වකුගඩු ප්‍රධානය කළ අයවලුන්ය. ඔවුන් ස්වෙච්ඡාවෙන්ම කිසිදු මුදලක් හෝ වේතනයක් නොලබා තමා පැමිණි දුෂ්කර ගමනේදි මුහුණදුන් අභියෝග අනෙකුත් සහෝදර රෝගීන්හට අවම කර දීමේ උතුම් චේතනාවෙන් මෙම සංගමය වෙත ක්‍රියාශිලිව දායක වෙති.
වකුගඩු රෝගීන්, වෛද්‍යය වරුන්, බුද්ධිමතුන්, කලා කරුවන් සහ ආගමික නායකයින් එක්ව සැදුම්ලත් සුපින්වත් සංවිධානයකි.
ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ දුවා දරුවන්ගේ සහ වකුගඩු දායකයින්ගේ වෛද්‍යය සහ සමාජ ආර්ථික තත්වයන් සමනය කරගැනීමට මග පෙන්වීම, දිරි දීම සහ උදවු කිරීම.
රට තුල වකුගඩු රෝග හා බැඳුනු සෞඛ්‍යය සමාජ ආර්ථික ප්‍රශ්ණ අවම කිරීම.
ශ්‍රී ලාංකීක මිනිස් සමාජය තුල වකුගඩු රෝග වසංගත තත්වයෙන් පැතිර යන අවස්ථාවක සහ එමගින් රොගීන් පවුල් පිටින් මිය යමින් මුලු රටම මහත් ඛෙදවාචකයකට ඇද වැටී ඇති බැවින්, එයින් ලක් ජනතාව මුද්වා ගැනීම.
සංගමයට උපදේශනය දෙමින් සහ මග පෙන්වමින් රෝගීන් සඳහා සුපින්වත් මෙහෙවරක් කිරීමට ඇප කැප වී සිටින අපගේ අනුශාසක මණ්ඩලය
කථනය - කලා සූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සංගමයේ සුපින්වත් මෙහෙවර
ලෝක වකුගඩු දිනය සමරා සමස්ත ලංකා වකුගඩු රොගී සංගමය මගින් සිදු කරන වැඩසටහන් මාලාව
දූ දරුවන්ට පොත් සහ ශිෂ්‍යත්ව ලබා දීම වකුගඩු රෝගීන්ට බැංකු ක්‍රමයක් ඉදිරිපත් කිරීම ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
වකුගඩු රෝගීන්ට ආශිවාර්ද පතා සිදු කරන පූජා පිංකම - මෙහෙයවීම - සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය