It gives me enormous pleasure to be inaugurating the Sri Lanka Kidney Patient Association (SLKPA). When I was associated with the 1st kidney transplant in Sri Lanka on 5/10/1985. After the 01st Kidney Transplant, there was a great deal of enthusiasm generated among Sri Lankan kidney patients. This resulted in the formation of Sri Lanka Kidney Patients Association in 1987. This association was active for many years doing a good service for the kidney failure patients including running of a halfway home in Gothami road, Borella. It was rejuvenated as Samastha Lanka Kidney Patients Association due to the committed effort of Dr. Sanjaya Heiyantuduwa, Consultant Nephrologist. This new SLKPA has planned many development activities including an opening of a website. I am glad to be opening the SLKPA website today so as to maximize the interaction between its members and well wishes. I wish SLKPA the very best in their future activities. Vidyajothi Professor Rezvi Sheriff[MBBS, MD, FRCP, FCCP] Senior Professor of Medicine and Consultant Nephrologist
In Sri Lanka, kidney transplantation was started in 1985. Although transplant related Medical & surgical support has been provided by the state, the need for further support, particularly non-medical support for the critically ill group has become increasingly apparent more recently. It is clear that a group of people with experience of living with Kidney disease or living with someone with kidney disease can contribute to survivaland well-being fellow patient in a big way. This is what gave birth to Samastha Lanka kidney patients association(SLKPA).Six months has passed since it was rejuvenated on 5th June 2011, and it is now time to look back and review what has beenachieved. It is time to see what more needs to be done and how we can do it. So let’s meet and celebrate our achievements and look for a better future. Wishing all the best of health & happiness to all living beings Professor Mandika Wijayaratne Head of Transplant Surgery, University of Colombo
ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ යහපත උදෙසා වකුගඩු රෝගීන් සහ වෛද්‍යවරුන් එක්ව
ලක් මවට දායාද කල සුපින්වත් සංවිධානය.
වකුගඩු රෝගයක් සෑදීම ශ්‍රී ලංකික පවුලකට අතිමහත් අභියෝගත්මක කරුණකි. ඒ
මන්දයත් එවැනි තත්වයකින් අත්මිදිමට රෝගීයාහට සහ එම පවුලේ අයට දැවැන්ත
සටනක් කිරිමට සිදුවන බැවිනි.වකුගඩු දෙකම සදාකාලිකවම අක්‍රීය වී ඇති රෝගීන්හට
ඉතිරි වන ප්‍රතිකාර ක්‍රම වනුයේ,වකුගඩුවක් බද්ධ කර ගැනීම හෝ ජිවිත කාලය
පුරාවටම රැධිර කාන්දු පෙරණය මගීන් පිරිසිදු කර ගැනිම (ඩයලසීස්) යන මාර්ග 2 ක
පමණී.
තුන්වන ලොකයේ රටක රෝගීයෙකු හට මෙම මාර්ග දෙකම එවරස්ට් කන්ද තරණය
කිරිමටත් වඩා දුෂ්කර අභියොගයක් වන බව වකුගඩු රෝගීහු මනාව දනිති.වකුගඩු
බද්ධ කල රෝගීයෙකු සමග හෝ එම පවුලේ අය සමග ඔබ සකච්ඡා කලහොත් වකුගඩු
බද්ධ කිරිමේ ක්‍රියාදාමයේ ඇති.කියා නිමකල නොහැකි තරම් වු අභියෝග ගැන ඔබහට
දැනුවත් විය හැක.ඒ සදහා රෝගීයහටත් පවුලේ අයටත් අතිමහත් කැපවීම් කළ යුතුව
ඇත.සමහර රෝගීහු මෙම අතිදුෂ්කර මාර්ගයේ ගමන් ගන්නා අතර මගදී සිදුවන
නොයෙකුත් සංකුලතා නිසා මරණයට පත්වේ.තවත් බොහෝ අය සර්ථක බද්ධ කිරිමකින්
පසු සමන්‍ය පවුල් ජිවිතයක් සහ රැකියවල් වල නිරත විමට තරම් වාසනවන්ත
වෙයි.රෝගීයෙකුහට සාර්ථකව වකුගඩුවක් බද්ධ කල පසු ඔහුට තවත් වසර 15 - 20 ක
ජිවිත කාලයක් ලැබේ.දිනකට සියලුම දියර වර්ග මිලි ලිටර් 400 - 500 පමණක් පානය
කරමින්,පළතුරු වර්ග අනුභව නොකරමින් කොයිමොහොතේ හෝ තම ජිවිතය අවසන්
වෙතැයි කල්පනා කරමින් සිටින වකුගඩු රෝගීයෙකුහට මෙම නව ජිවිතය තමන් වෙත
ලැබුනු සතර මහා නිධානයක් බදුය.තවද එවැනි අභියොගත්මක කාල පරිච්ඡේදයක් පසු
කල රෝගීයෙකු හට නව ජිවිතයේ අනෙකුත් ප්‍රශ්ණ පයට පැගෙන දුහුවිලක් තරම්
බරපතල නොවේ.එවැනි පන්නරයක් ලද වකුගඩු බද්ධ කල රෝගීයෙකු රටට
සම්පතකි,අඩම්බරයකි,ඔහුට හෝ ඇයට සමන්‍ය රැකියාවක් කර තම රටටත්,පවුලේ
අයටත් අර්ථික වශයෙන් අතිමහත් දයකත්වයක් සිදුකල හැකිය.වකුගඩු රෝගියෙකුගේ
වකුගඩු බද්ධ කිරිම සදහා ශ්‍රි ලංකා රජයේ විශාල මුදලක් වැය කරන බව වකුගඩු
රෝගීහු දනිති.වකුගඩු බද්ධ කිරිමෙ ක්‍රියාදාමයෙහි සිදුකරනු ලබන කෙටි කලින රැධිර
කන්දු පෙරණය,බද්ධ කිරිමේ ශල්‍ය කර්මය,බද්ධ කිරිමට පෙර සහ පසු
සංගමය 2011 ජුනි 5 වන දින නැවත උපත ලැබුයේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ
සංගමය ලෙසය.මෙම සංගමය නැවත ස්ථපිත කිරිමේ දී මහචර්ය රිස්වි ශෙරිෆ්,මහචර්ය
මන්දික විජේරත්න,විශේඥ වෛද්‍ය රන්සි කාසිම්,වෛද්‍ය අර්ජුන් මාරසිංහ,විජය රන්සි
මයා,චිත්‍ර ශිල්පි ආර්.ඒ.නිමල් මයා,හෙමන්ත රොෂාන් මයා,අතුල චන්දන බණ්ඩාර මයා
සහ චමිලා ක්‍රිශාන්ති මහත්මිය වෙතින් තිරණාත්මක සහයක් ලැබුණි.මෙම සංගමය ශ්‍රි
ලංක රජයේ සහ අරක්ෂක අමත්‍යංශයේ ලියපදිංචි කර ඇත්තේ 145205
1928 අංක වලින්ය. මෙම සංගමයේ නිලධාරින් සහ සහිකයන් වන්නේද වකුගඩු
රෝගීන්,වකුගඩු බද්ධ කල රෝගීන් සහ වකුගඩු ප්‍රධානය කළ අයවලුන්ය.ඔවුන්
ස්වෙච්ඡාවෙන්ම කිසිදු මුදලක් හෝ වේතනයක් නොලබා තමා පැමිණි දුෂ්කර ගමනේදි
මුහුණදුන් අභියෝග අනෙකුත් සහෝදර රෝගීන්හට අවම කර දීමේ උතුම් චේතනාවෙන්
මෙම සංගමය වෙත ක්‍රියාශිලිව දායක වෙති. අප සංගමය පසුගිය සුලු කාලය තුලදි
කරන ලද සේවාවන් මෙසේය
1)වකුගඩු රෝගීන් සදහා ඩයලසිස් ප්‍රතිකර්මය සදහා නන් අයුරින් උපකාර කිරිම.
2)වකුගඩු බද්ධ කළ රෝගීන්ගේ මිල අධික පරීක්ෂණ සදහා මුදලින් උපකාර කිරිම සහ
අවශ්‍ය මග පෙන්විම.
3)වකුගඩු රෝගීන්ගේ රැධිරයේ සයික්ලොස්පොරීන් සහ ටැක්‍රෝලිමස් ප්‍රමාණය මනිනු
ලබන යන්ත්‍රයක් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලබගැනීමට ක්‍රියශිලිව
මැදිහත් විම.
4)වකුගඩු රෝගීන්හට විවිධ කටයුතු සදහා අධාර ලබාදීමට ස්ටීකර් ව්‍යපෘති 2ක් රටේ
විවිධ ස්ථාන වලට ගොස් ක්‍රියත්මක කිරිම.
5)වකුගඩු රෝගීන් සදහා විශේෂ හැදුනුමපතක් සකස් කර ඔවුන් හට සමජයේ යහපත්
පිළිගැනිමක් ලබා දීම.
7)වකුගඩු බද්ධ කල තරුණ පිරිසට රැකියා ලබාදෙන ව්‍යපෘතියක් සකස් කිරිම.
8)වකුගඩු රෝගීයෙකු මියගිය අවස්ථාවලදී අවමංගල්‍ය උත්සවය සදහා හැකි අයුරින්
උපකර කිරිම.
9)වකුගඩු රෝගීන්ගේ සායන සහ ඩයලසිස් සදහා දුර පළත්වල සිට පැමිණිමට බස්
ගාස්තු ලබාදීමට ක්‍රියාපටිපටයක් සැළසුම් කිරිම.
10)වකුගඩු රෝගීන්හට විවිධකර උදව් ලබාදෙන පුද්ගලයන් සහ සංවිධාන ඇගයීමට
ලක් කිරිම.
11)වකුගඩු රෝගිහට රැධිර කන්දු පෙරණයේදි අවශ්‍යය ඩයලිසිස් ෆිල්ටර්,ඩයලසිස්
,ඩයලසිස් ටියුබ්,අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්හට සපයාදීම.
12)වකුගඩු රෝගීන්හට අවශ්‍ය බෙහෙත් වර්ග වල සංචිතයක් පිහිටුවා ඒවා හිග
අවස්ථාවලදී ඒවා රෝගින්ට ලබාදීමට කටයුතු කිරිම.
13)වකුගඩු රෝගීන් දැනුවත් කිරිම,නිසිමග පෙන්වීම සහ ධෛර්යමත් කිරිමට කටයුතු
කිරිම.
14)වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතා,ප්‍රශ්ණ සහ අභියෝග බලධරින් සමග සකච්ඡා කර
ඒවාට විසදුම් ලබාදිමට උත්සුක විම.
15)සමස්ථ ශ්‍රි ලංකිය වකුගඩු රෝගී ජනතාවගේ අභියෝග සහ අවශ්‍යතා වෙනුවන් සෑම
විටම ඉදිරිපත් විම.
16)වකුගඩු රෝගින් හට ප්‍රයෝජනයට ගතහැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරිම.
17) සීඝ්‍රව වැඩිවන වකුගඩු රෝග ගැන ජනතාව දැනුවත් කිරිම.
18)වකුගඩු රෝගින්ගේ රෝග සුවය පතා ඔවුන් අධ්‍යත්මික නැඹුරුවකට යොමු කිරිම.
19)ප්‍රථමවරට ශ්‍රී ලංකිය වකුගඩු රෝගීන්හට රක්ෂ්ණ ප්‍රතිලාභ ක්‍රමයක් හදුන්වාදීම.
20) ආයතනය හා එක්ව වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය,සමජිය,අර්ථික,ප්‍රශ්ණ විසදීම
උදෙසා අරමුදලක් පිහිටු විම.
21) රෝගීන් අතර වකුගඩු රෝගයක් පිළිබද පොත් 10යක් මුද්‍රණය කර බෙදාහැරීම.
22) ශ්‍රී ලාංකීය කලාකරුවන් සහ අනෙකුත් දානපතියන් එක්ව වකුගඩු රෝගීන්ගේ
සෞඛ්‍ය,සමාජ හා අර්ථික ප්‍රශ්ණ විසදීම සදහා අරමුදලක් පිහිටුවීම.
23) වකුගඩු රෝගින් සදහා ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීම.
24) ප්‍රථම වරට වකුගඩු රෝගී දායකයින් අතර ක්‍රිකට් තරග මාලාවක් සංවිධානය කිරිම.
25) වකුගඩු රෝගීන්ගේ දුදරුවන් හට ශීෂ්‍යධාර ක්‍රමයක් සැකසීම.
26) වකුගඩු රෝගීන්ගේ දුදරුවන්ට පාසල්පොත් හා උපකරණ ලබා දීම.
27) ප්‍රථම වරට වකුගඩු දායකයින්ව ඇගයීමට ලක්කීරීම.
ගරු පුජ්‍ය දෝළොස්වල උදිතධිර හිමියන්ගේ,කලාශුරී සතිශ්චන්ද්‍ර එදිරීසින්හයංගේ හා
ගරු පර්ලිමෙන්තු මන්ත්‍රීණි මාලනි ෆොන්සේකා මැතිණියගේ ආගමනයත් සමග වඩ
වඩාත් දියුනු වු සමස්ත ලංකා වකුඩු රෝගීන්ගේ සංගමය සියලු ශ්‍රී ලංකිය වකුගඩු
රෝගීන්ගේ අභිමානය බවට පත් විය.සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය පිහිටුව
ඇත්තේ තමන්ට යමක් ලබාගැනිමට නොව අනුන්ට යමක් කර දීමටය.අප සංගමය සතු
පුළුල් දැක්මක් සහ ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇත.අප සංගමයේ ගැබ්වි ඇති
ජවය බුදු දහම සහ විද්‍යාවයි.
ශ්‍රි ලංකිය වකුගඩු රෝගීන් වෙනුවෙන් තිරණාත්මක කර්යභාර්යක් කිරිමට ඔබත් අප හා
එක්වන්න.
“ආරෝගයා පරමායතී” නීරෝගී බව උතුම් වන්නේය.
ඉහත සදහන් බුදු වදනට අනුව නිරෝගී බව ඉතා උතුම්ය.රෝගී වීමට කව්රැත් කැමති නැත.එහෙත් නොයෙක් හේතුන් නිසා සත්වයෝ රෝගාතූර වෙති.රෝගී වීමට හේතුන් තථාගතයන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී වදාළහ.
1. පිත්තසමුට්ඨානා - පිත කිපීම
2. සෙම්හසමුට්ඨානා - සෙම කිපීම
3. වාතසමුට්ඨානා - වාතය කිපීම
4. සන්නිපාතිකා - තුන්දොස් කිපීම
5. උතුපරිනාමජා - ඍතු විපර්යාස
6. ඕපක්කමිකා - උපක්‍රම
7. කම්ම විපාකජා - කර්ම විපාක
මේ කුමක් හෝ හේතුවක් නිසා කෙනෙකු රෝගාතුර වූ විට ඔහු කායිකවද,මානසිකවද දුකට පත්වේ අසරන වේ.මෙකල ලක්දිව වැළදෙන වකුගඩු රෝගය නිසාද කායික දුක්,මානසික සෝ සුසුම් උරැම කරගත් විශාල රෝගීහු පිරිසක් වෙති.ඔවුන් වෙත දයාවෙන් උපකාර කරනු වස් පිහිටුවාගත් පුණ්‍යවන්ත වූ සංවිධානයකි. “සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය” එම සංගමය මගින් ඔවුන්ගේ මානසික පීඩා දුරැ කිරීම සදහා ධර්ම දේෂනා,ආශිර්වාද පූජා,අභය දාන භාවනා ආදී ධර්මානුකූල පිළිවෙත් ක්‍රියාත්මක කර රෝගීහු ඒ වටා පෙලගස්වති.එසේම ඔවුන්ට අවශ්‍ය බෙහෙත්,පොත් ආදී දේ සදහාද මහත් සේ උපකාර කරති.මෙම සංවිධානය නිස්සරන පැතුමෙන්ම මේ කටයුතුවල නිරත වන බව අපගේ පිළිගැනීමයි.
රෝගීන්ට උපස්ථාන කිරීම බුධ්ධෝපස්ථාපනයක් බව වරෙක තථාගතයන් වහන්සේ වදාළහ.ඒ උතුම් බුදු වදනද මෙනෙහි කොට ඉතාම කැමැත්තෙන් පුණ්‍යකාමී සත්පුරැෂයෝ ජාති ආගම් භේද නොතකා මේ මහා පිනට දායක වන ලෙසට මා මෙත් සිතින් ආරාධනා කරමි.
ඔබ සැමට තෙරැවන් සරනයි !
අනුශාසක
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
ගරුතර දොලොස්වල උධිතධීර හිමි
වකුගඩු රෝගීන්ගේ හෙට දවස වෙනුවෙන් කැපවුණු සුපින්වත් සංවිධානයක අනුශාසකවරියක් වශයෙනුත්, ජේෂ්ඨ කලාකාරිනියක් හා පර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙනුත් වකුගඩු රෝගීන් වෙනුවෙන්ම කැපවුණු වෙබ් අඩවියක් හරහා ඔබ අමන්ත්‍රණය කිරිමට ලැබීම මහත් භාග්‍යක් කොට සලකමි වකුගඩු රෝගීන්ගේ දහසකුත් දුෂ්කර අභියෝග වලට රජයකින් පමණක් සියලු දේ බලාපොරොත්තු වීම යුක්ති සහාගත නොවන බව මාගේ හැගීමයි.එම හිඩැස පිරවීමට බිහිවු මාහැගි සංවිධානයකි,සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, එහි උන්නතිය සදහාත් එමගීන් වකුගඩු රෝගීන්ගේ යහාපත උදෙසාත් මා හට නන් අයුරින් දායක වීමට ලැබිම අතිමහත් සතුටට කරුණකි. මා ශ්‍රී ලාංකිය වකුගඩු රෝගීන් හට යහාපත් වුත් නීරෝගී වුත් නීරෝගීවුත් හෙට දවසක් ලගා කර දීමට කැප වෙමි! ස්තූතියි!
කන දේ සුවඳ නැත. දෙන දේ සුවඳ ඇත.
අප ජිවත් වන ලෝකයෙහි මිනිසුන් වර්ග කිහිපයක් ඇත.ඒවා විවිධ චරිත වෙති.මෙ
චරිත සැවැදෑරුම් වෙති.
ආශාව වැඩි රාග චරිත,ක්‍රෝධය වැඩි දෝස චරිත,මෝඩකම වැඩි මෝහ චරිත අගමික
භක්තිය ඇති ශ්‍රද්ධා චරිත නුවණ වැඩි බුද්ධිමත් චරිත හා නොයෙකුත් සිතුවි ඔස්සේ
දුවන චිතක්ක චරිත යනදියයි,චරිත නම් ස්වාභාවයෙන් සිටින විට ඇති වන ප්‍රකෘති
ගතියයි
රෝගියෙකු යනු අතිශයින් දුකට පත් වු අසහනකාරී ස්වභාවයකින් යුතුව පසුතැවිල්ලෙන්
යුතුව ජිවත්වෙන අහිංසක චරිතයකි.මේ අයට සේවය කළ හැක්කේ ඉහතින් සදහන් කළ
ආගමික භක්තිය ඇති ශ්‍රද්ධා චරිත වලට හා නුවණ වැඩි බුද්ධි චරිත වලට පමණි.
අපගේ මිතුරා අපමය.අපගේ සතුරාත් අපමය.උදේ පිපුණ සමහර මල් සවස පරවී
වැටෙයි.හොදට ඉදුනු අඹ ගෙඩිය දින තුන හතරකින් පමණ නරක් විය හැකිය. අපගේ
ජිවිතය ද එවැන්නකි ඒ මල් පරවී වැටිමට පෙර,අඹ ගෙඩියක් නරක් විමට පෙර
ප්‍රයොජනවත් වැඩක යෙදිය යුතුය.
අප යහපත් වැඩවල නිරත විය යුතුය.පැය දහයක් භාවනා කරනවට වඩා එක් පැයක්
අන්‍යයන්ගේ සුබ සාධනය පිණිස නොමිලේ සේවය කරන්නේ නම් අප තුල විශාල
ශක්තියක් ගොඩ නැගෙන බව සත්‍ය ශ්‍රී 1සායි බාබා පවසා ඇත.සේවය කිරිමට දයාව හා
කරුණාව අවශ්‍ය වේ.මාගේ ආගම කාරුණාව බව දලායිලාමාතුමා කියා ඇත.
තරාදියෙහි වැඩි හරිය ඉවත් කොට අඩු හරිය පුරවන්නාක් මෙන් මිනිස් කමට වැඩි හරිය
පුරවන්නාක් මෙන් මිනිස් කමට වැඩි හරිය වු පව් ඉවත්කොට අඩු හරිය වන පුරාගත
යුතුය,යන මේ ඥාණය පළමුව මිනිසා විසින් පහළ කර ගත යුතුය.මාගේ මේ ආරාධනය
ඒ සදහාය.පිං දහම් කිරිමේ අනුසස් දන්නා පුද්ගලයා කුසල් වල යෙදේ. මී මැස්සා විසින්
හැදිය යුතු මී වදය ඔහු විසින් ම හැදුවේ නැති නම් එය හැදීම වෙන කෙනෙකුට අපහසු
වන්නේය.එමෙන්ම මිනිසෙකු විසින් ම කළ යුතු මිනිස්කම ඔහු විසින් පැහැර හැරියොත්
තමාගේ වගකීම පැහැර හැරියා වැනිය.මිනිසා මිනිසාට සේවය කිරිම හැර වෙන කල
හැක්කේ කුමක්ද අද අප සේවය මිනිසාගේ උන්නතිය සදහාම විය යුතුය.
අසරණ වු ජනයාට මනුෂ්‍ය ධර්මයෙහි යුක්තව යුතුකම් අප ඉටුකළ යුතුය.උතුම් පැතුම්
ඇති සුලු පිරිසක් විසින් කරනු ලබන මහගු පුණ්‍යමය සමාජ සත්කාරම උපකාර කිරිම
මිනිසුන් වන අපගේ පරම යුතුකම වන්නේය.අප කන දෙය සුවද නැත දෙන දෙයෙහි
සුවද ඇත.
මුදල් වැය කොට උපදින ආදායමෙන් කොටසකට ලාභය යනුවෙන් ව්‍යාපාර ලොකයේ
ව්‍යවහර කළත් දහමේදී ලාභය යනුවෙන් අදහස් කලේ ආරෝග්‍යා පරමා ලාභා
යනුවෙන්ය.ලාභය මුදල් නොවේ.ශරීර සෞඛ්‍යය,ධනය යනු දේපළ හෝ වස්තුව
නොවේ.සන්තුෂ්ඨි පරමං ධනං,ධනය යනු සතුටයි.මේ පරම ධනය වු සතුට ලබා ගැනීමට
ඔබට පුලුවන.අප හා එක්වන්න.
මැණික් හට ගැනීමට සුදුසු ධාතු ගුණ ඇති පොළව තුල අගනා මිණි රුවන්
හැදෙන්නේය.එසේ නැති තැන මැණික් හට නොගන්නේය.එමෙන්ම දිනපතා ඉදිරිපත් වන
කරුණු වලදී සිත පිරිසිදු වන යහපත් සීතීමේ ක්‍රමයන් පුරුදු කර සිත දියුණු කර ගන්නා
මිනිසට මිනිසුන් වෙනුවෙන් සේවය කල හැකිය.
පින්වත් මහත්ම මහත්මවානි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සාමාජික
සාමාජිකවන් වන රෝගීන්ගේ හිත සුව පිණිස ඔබත් අනුග්‍රාහකත්වය ලබා දී කුසල්
රෑස්කර ගෙන නීරෝගී අයෙකු ලෙස සතුටින් ජිවත්වන්න උත්සාහ කරන්න.
කෙනෙකු සතුටින් සිටිනවා දැකීමට කැමති අය මුදිතා ගුණයෙන් යුක්තය. එම නිසා
ඔබත් අපගේ පින්වත් රූනට එක්වන්නා මෙන් ගෞරවයෙන් හා කරුණිකව ඉල්ලමි.
ලොකයේ අදුරක් ඇතහොත් එය දුරලන එළියක් ද තිබිය යුතුය.
වකුගඩු රෝගීන් අදුරු ජිවිතවලට එළිය ලබා දෙන සමස්ත ලංකා වකුගඩු රෝගින්ගේ
සංගමයට දීප්තිමත් ආලෝකය උදාකර ගැනීමට ඔබගේ ශක්තිය ද ලබාදෙන මෙන් යළිත්
කාරුණිකව ඉල්ලමි.
මෙයට පොදු සේවා ලැදි
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ නව වර්තමන සභාපති ලෙස සමස්ත වකුගඩු රෝගීන්ගේ අභිවෘදිය වෙනුවෙන් කැප වී කටයුතු කිරිම වකුගඩු රෝගීයෙකු වු මාගේ උදාර අරමුණයි.සමස්ත රටට පුරාම වෙසෙන වකුගඩු රෝගීන්ගේ තරාතිරම,පන්ති,ජාති කුලබේද කිසිවක් නොසලකා ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛ්ත්වය දී කටයුතු කිරිම මාගේ යුතුකම මෙන්ම වගකිම බව මම දනිමි. වකුගඩු රෝගීන්ගේ සත්පුරුෂ පිංවතුන් ඉතාමත් කැපවීමෙන් ආරම්භ කල මෙම සංගමය වර්තමානයේ උසස් ස්ථානයක් සංගමයක් බවට පත්ව ඇත.මෙම සංගමයේ අරමුණු ඉටු කිරිමේදී ව්‍යවස්ථාවට අනුකූලව හා එහි නිතීමාලාවට එකගව ප්‍රධාන අනුශාසක මණ්ඩලය විසින් ගනු ලබන සියලු ක්‍රියාමර්ග හා තීරණ සමග එකග වෙමින් නිළධාරින් මණ්ඩලයේ සියලු නිලධාරින් සමග එකග වෙමින් නිළධාරි මණ්ඩලයේ සහෝදර නිළධාරින් සමග සුහදත්වයෙන් කටයුතු කිරිම මා සතු වගකීමකි.නුතන ශ්‍රී ලංකාවේ වර්තමාන වකුගඩු රෝගී සමිති සමගම් අතර අප සංගමය ගොඩනැගී ඇත.එමගින් අප රටේ වකුගඩු රෝගීන්ගේ සුභ සිද්ධිය උදෙසා සුපින්වත් ඔබ සැමට මෙම මහාගු කාර්යයට කාරුණිකව හා හෘදයාන්ගමව දායක වීමට සභාපති ලෙස මම අයාචනය කරමි. තෙරුවන් සරණයි!
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ලේකම තුමාගේ පණිවිඩය. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වත්මන් භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන මා සංගමය අරම්භයේ පටන් එහි සිටින සමජිකයෙකි,එවකට එනම් මිට වසර හතරකට පමණ පෙර මාද වකුගඩු රෝගයෙන් අසාධ්‍යව ඉන් පසු සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරිමකින් පසුව දැන් ඉතාමත් යහාපත් ජිවිතයක් ගත කරන්නෙකි. මා මෙම සංගමය හා බැදී කටයුතු කරනනේ ඉතාමත් සතුටිනි ඒ මන්ද යත්, සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය,දේශිය මෙන්ම විදේශියව ජනාදරයට පාත්‍ර වු,වකුගඩු රෝගීන්ට ඉමහත් සේවයක් ඉටුකරනු ලබන පිංවත් සංවිධානයක් නිසාවෙනි. අප සංගමය මගින් වකුගඩු රෝගීන් හට ලබාදෙන සෙවාවන් අතර පහත සදහන් දෑ ප්‍රධාන වේ. * වකුගඩු රෝගීන් හට ඩයලසීස් ප්‍රතිකර්මය සදහා හැකි පමණීන් උපකාර කිරිම. * වකුගඩු රෝගීන් සදහා සුවීශේෂි හැදුනුම්පතක් සකස් කර ඔවුන්ට සමාජයේ යහාපත් පිළිගැනිමක් ලබා දීම. * වකුගඩු රෝගීන්හට ආධාර උපකාර ලබා ගත හැකි මාර්ග පිළිබද දැනුවත් කිරිම. * වකුගඩු රෝගීන් මියගිය අවස්ථාවකදි අවමංගල්‍ය උත්සවය සදහා හැකි පමණින් උපකාර කිරිම. * වකුගඩු රෝගීන්හට අවශ්‍ය වන බෙහෙත් වර්ග වල සංචිතයක් පිහිටුවා බෙහෙත් හිග අවස්ථාවකදි ඒවා රෝගීන්ට ලබාදීමට කටයුතු කිරිම. අප සංගමය සෑම සතියකටම වතාවක් රැස්වී රෝගීන්ගේ ප්‍රශ්ණ සකච්ඡා කොට ඒවාට විසදුම් සෙවිමට ක්‍රියාශීලි ව්‍යාපෘති ආරම්භ කර ඇත.එසේම මෙම සංගමයේ නිළධාරි මඩුල්ල ස්වේච්ඡාවෙන් දුර බැහැර සිට පැමින කිසිදු පඩියක් නොලබා වකුගඩු රෝගීන්ට උපකාර කිරිමට කැපවී ඇත. අප සංගමය දිනෙන් දින සර්ථක වී ශ්‍රී ලංකිය සෑම වකුගඩු රෝගියෙකුටම සෙත සැලසීමට හැකියාව ලැබේවයි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. ස්තූතියි,